නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඇති විශාල පාසල් අතරින් එකක් වන අප විද්‍යාලය කීර්තිමත් සිසුන් පිරිසක් බිහිකළ පානම් පත්තුවේ ඇති අභිමානීය පාසලක් ලෙස නැගි සිටි. මෙම විද්‍යාලයේ දහසකට ආසන්න සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරනු ලබන අතර දැනට උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි. එහිදි කලා හා වාණිජ වශයෙන් උසස් පෙළ පන්ති පැවැත්වේ.